මං තාම මග බලනවා….
Filed Under (මල් යාය...) by Dinithi on 10-03-2010


ඔබ මට හමුවූයේ…අද ඊයේය…එහෙත්…
ආත්ම ගණනක හුරු පුරුදු සුවද මට ඔබ ළග තිබුණි…
ඉස්සර කාළෙකදීත් ඔබ මගේ වී ඉන්නට ඇත…
මවට දරුවෙක් සේ…ගසට පොත්තක් සේ…
ඔබ මා හා මගේ ජීවිතය හා බැදි ඇත…
එයට දෙන්නට අරුතක් මා දන්නේ නැත….
නමුත්….
අද ඔබ…
මගේ සිනහව වී හමාරය… දැන්
මගේ ජීිවිතය
මගේ හුස්ම ටික…
පමණක් නොව මගේ ආත්මයද ඔබම වී ඇත…
අදරණීයම වූ සුදු
එය එලෙස වූයේ සංසාර පුරුද්දට දෝයී මා දන්නේ නැත…
කෙළෙස නමුත් ඔබ මගේ ආදරයයි…
එතැන් පටන් ගෙවුන හැම දිනකම අප සතුටින් හිදියෙමු. නමුදු අවාසනාව පසුපස බව මා පමණක් නොව ඇයද නොදැන හිදියේය. විවාහ වී මාසයක් යන්නටත් පෙර ඈ අසනීප වූවාය. නමුදු සකුණි කීවේ ඇයට අසනීපයක් නැතැය යන්නය. ඇගේ අකමැත්ත මතම මා ඇය කැටුව පෞද්ගලික රෝහලකට ගියේය. පරීකෂණ ගනණාවකින් පසු විශේෂ× වෛද්‍යවරයා පැවසූ දෙය මේ දැන් ඇසෙන්නා සේ මට දැනෙයි. මගේ ඇග සීතල වී ගිය එය නම් අදද අදහන්නට බැරිය.
‘ මිස්ටර් එAකනායක….මෙහෙම කියන්න වුන එක සොරි…ඒත්….ඔයාගෙ වයිප්ගෙ ලෙඩේ ටිකක් විතර සීරියස්….ඒත් නියමිත ප්‍රතිකාර කළාම යථා තත්වයට ගන්න පුළුවන්…
” කියන්න ඩොක්ටර්…සකුණිට මොකද වෙලා තියෙන්නෙ….
”මේකයි මිස්ටර් ඒකනායක….එයාගෙ පපුවෙ සියුම් නහරයක් හීනිවෙලා තියෙන්නෙ….ඒත් අපිට මේක සුව කරන්න පුළුවන් වෙයි….
මගේ දෙනෙත් අභියස හෙනයක් පිපිරුවා සේ මගේ හිස කැරකෙන්නට විය. එහෙත් මෙවන් මොහොතක ඇයට ඇත්තේ මගේ පිහිට පමණන් නිසා මා හිත තද කර ගත්තේය….
ඉතිං වෛද්‍ය මතය අනුව ඇයට ප්‍රතිකාර කිරීම පටන් ගත්තේය. එමෙන්ම වෛද්‍යවරුන් පැවසූයේ හැකි සෑම අයුරකින්ම ඇයව සතුටින් තබන ලෙසය. නමුත් කිසිදූ දිනක ඇයට දරුවෙක් බිහිකිරීම වැන්ි කාරුණක් ඇගේ සිරුරට ඔරොත්තු නොදෙන බවක්ය.
මගේ අහිංසකී…ආදරයේ දෙව්රුව වූ ඔබ හිතේ කරුණාව දයාව ඉවසීම මහා සාගරය තරම් විය. ඈ වැනි අයෙකුට දෛවය මෙතරම්ම අකාරුණික වූයේ ඇයි දැයි මට සිතා ගන්නට බැරිය. සෙනෙහස දෝරෙ ගලන ඒ රත්තරං හදවතේ සියුම් නහරයක් කුඩා වන්නට තරම් ඇගේ දෛවය ඇයට නපුරු වූයේ මන්ද…මෙතරම් බෝසත් ගති ඇයට සොබා දහමද වියරු විය¡
—විකසිත මන් දන්නවා….මං ඉක්මනට සනීප වෙනවා….මට ආයිත් ඔයාට උයලා පිහලා කන්න දෙන්න පුළුවන්….ඔයාගෙ ලෙයින් හැදූන දරුවෙක් මගේ කුසින් බිහි කරන්න පුළුවන්….ඇත්තමයි විකසිත මට පුළුවන්….
කෙතරම් රෝගාතුර වී සයනය මත හිදියත් ඈ තුළ වූයේ නොසැළීි හිදීමේ ආත්ම ශක්තියයි. වෙන අයෙකු නම් මෙවන් මොහොතක මානසිකව ඇද වැටී රෝගය තවත් බරපතල වන්නේය¡ නමුදූ සකුණි එසේ නොවූවාය….පුදූම දනවන සුළු චිත්ත ධෛර්ය ඇයට වීරිය දූන්නාය.
—සුදූ….ඔයා ඔය දේවල් ගැන හිතන්න එපා….අපිට දරුවො ඕන නෑ….ඔයා සනීප වෙන්න….
—අනේ විකසිත මේක ඒ හැටි අමාරුවක් නෑ….මට පුළුවන් දරුවෙන් හදන්න….ඔයාට ඕන කිවුවා වගේ මං වගේම බෝනික්කියෙන් මං ඔයාට දෙනවා විකසිත….මේ බලන්න මම සතුටින් ඉන්නෙ….එසේ කියා ඈ මා වැළද ගත්තාය.
ඇයව පරීකෂා කළ වෛද්‍යවරයාටද සිතා ගැනීමට නොහැකි තරම් කෙටි කාලයකින් ඇය සුව අතට හැරුණි. නැවත ඇය නිවසට ආවේය. ඇගේ දෙමාපියන් ඈ බලන්නට නාවේය. ඔවුන් සිතුවේ ඇයව පවුලෙන් අයින් කළ ගානටය. එහෙයින් කිසිම දිනක ඇයට ඇගේ දෙමාපියන් දක්නට නොලැබිණි¡ නමුත් සකුණි කීවේ
—දරුවෙක්ව දෙමාපියන් ලොකු කරන්නෙ ගොඩක් බලාපොරොත්තු ඇතිව¡ ඉතිං මට බැරි වුනානෙ විකසිත ඒ අයගෙ බලාපොරොත්තුව ඉෂ්ඨ කරන්න¡ ඒක නිසා මං දැන් ඒ ගැන හිතන්නෙ නෑ….
එහෙත් කිසිදූ මොහොතක ඇය මට වරදක් නොකියයි¡ ඈ කියන්නේ ඇගේ සැනසුම මා වූ බවය¡ හැමදාමත් මට නොතේරෙන්නේත් මෙයමය….
සකුණි මලක් මෙන් යලිත් පිබිදූනේය¡ ඇය හිනැහී සැනසුනි¡ ඇයට බලාපොරොත්තුව වූයේ මාය¡ ඇගේ සිනහව වූයේ මාය¡ ඇගේ සතුටේ හිමිකරු වූයේ මාය¡ මගෙ සුදූ….ඔබට දිනන්නට තිබූ අනාගතය මාය¡ මගේ හෙට දවස ඔබේ කරගත් ඔබ මට අහිමිව ගිය අරුමය¡ මා කෙසේ දරාගන්නද….? අනුන්ගේ දූකත් ඔබේ දූකත් කරගත් ඔබට මේ වූයේ කුමක්ද….? එය දන්නේ දෙවියන් පමණය….
—විකසිත….අපි බෝධි පූජාවක් තියන්න යන්….
මා නිවසේ ඉන්නේ බොහෝ අවස්ථාවන්හිදී ඇය මට කියයි…..කිසිදූ පැකිළිමකින් තොරව මා ඈ කැටිව පන්සල් යයි¡ ඈ හැමදාම බුදූන්ගෙන් ඉල්ලුවේ කවරක්දැයි මා නොදන්නේය¡ එහෙත් හැම බෝගහක් වටාම ඇය බැතිබරව පැදකුණු කළාය¡ එවන් මොහොතක ඒ මුහුණ තුළ තිඛෙන නිරාමිස සැනසීම කුමක්දැයි මට පැහැදිලිව තෝරා බේරා ගන්නට බැරිවිය¡ එහෙත් දිනෙන් දිනම ඇය සතුටින් හිදියේය¡ වෙනදාට වඩා වැඩි නැවුම් බවකින් ඊළග දින ඇය පිබිදූනි¡ මේ වෙනස මට තේරුම් ගන්නට බැරිවිය¡
ඇගේ ඒ වෙනස ගැන මට බය සිතුණු වෙලාවල් නොතිබුණා නොවෙයි….එවිට මා සුරාජ් හා කතා කරන්නේ ඈ ගැනය¡
—මට වෙලාවකට බයයි සුරාජ් සකුණි ගැන…..
—ඒ ඇයි විකසිත…..?
— නෑ මචං….එයා මොනා කරන්න ඉන්නවද කියලා මට හිතා ගන්න බෑ….දැන් ඉස්සරට වඩා සකුණි සතුටින් ඉන්නවද දූකින් ඉන්නවද කියලා මට තෝරලා බේරලා වෙන් කරන්න දන්නෙ නෑ….
— ඇත්ත¡ මාත් හිතුවෙ සකුණිට ඒ විදිහට පපුවෙ නහරයක් හීන්වෙලා තියෙනවා කියලා ඩොක්ටර් කීවම අපි එයාට කියා ගන්න බැරුව පසු තැවුනා….ඒත්….දැන්…එයාට එහෙම දෙයක් තිබුණද කියලා හිතන්නත් පුළුවන්ද….?
— ඒ වෙනස තමයි මටත් දරා ගන්න බැරි සුරාජ්….
— අසුභවාදි වෙන්න එපා විකසිත….හැමදේම හොදට සිද්ද වෙයි….
හැමදේම හොදට සිද්ද වුනද අවසානයේ වූයේ නරකක්ම නේදැයි මට මේ දැන් සුරාජ්ගෙන් අසන්නට සිතේ¡ එහෙත් දැන් එසේ කියා මා මිතුරාගේ හිත රිද්දවා ලබන සැනසුමක් නැත.ආපසු සකුණි මා සොයා එන්නේ නැත.
මගේ අකමැත්තෙන් වුවද ඇය මවක් වෙන්න හින දැක්කාය¡ ඇගේ හිනය හැබෑ කරන්න මා මැලි වූයේ මටත් වඩා මා ඇයට ආදරය කළ හින්දාය¡ එහෙත් සකුණි කීවේ ඇගේ සතුට ඇයට දෙන ලෙසය…අවසානයේ ඇය මවක වූවාය¡
—විකසිත මට මේ සතුට දරා ගන්න බෑ…ඇය ගැබ්ගෙන ඇති බව වෛද්‍යවරයා පැවසු වෙලේ සකුණිගේ ඇස්වල තිබුණ ආලෝකය ඇයට මුළු ලෝකයම ලැබුණ වැනිය¡
ඉතිං එතැන් පටන් ඇය කුස තුළ හිදින දරුවා වෙනුවෙන් වෙහෙසුනි¡ දරුවාට රිදේවි යැයි බියෙන් ඇය හයියෙන් හුස්මක්ද ගත්තේ නැත¡ කුසට නියමිත කාළය පැමිණෙන විට වෛද්‍යවරයා කීවේ….
—දරුවයි අම්මයි දෙන්නම සනීපෙන්….ඔය විදිහටම අපි දරුවා ලැඛෙන්නත් සතුටින් මුහුණ දෙන්න සතුටින් ඉමු…කියාය. ඒ හැම ඇය නොපිරිහෙළා ඉටු කළාය.
—විකසිත මට අමාරුයි…මීට දින කිහිපයකට උඩදී හිමිදිරි පාන්දර ඇය කීවේය.
සකුණි ඔහොම ඉන්න මං ඉක්මනට වාහනයක් කතා කරගෙන එන්නම්….
—කලබල වෙන්න එපා විකසිත….හෙමින් සැරේ ගිහින් එන්න….ඒ මොහොතේත් ඇය සිතුවේ මා ගැනය¡ මා හැකි ඉක්මනින් ඈ රෝහල වෙත රැගෙන ගියේය. මට දැනුදූ මතකය….ඒ ඇස්වල දූක්බර බවත් සමග රැදූන මහන්සිය ඇය වචන වලට නොපෙරලුවාය¡
—විකසිත මං හොදින්…ඔයත් හොදින් සතුට’න් ඉන්න….හිතන්න ඇය හොදින් යැයි කියා යන්නම යන්න ගොස් තිබුණිය. දරු ප්‍රසූතිය සදහා ඇගේ හදවත සවිමත් එකක් නොවී ඇත. අධික රුධිර පීඩනයද සමගින් ඇය දූර ගමන් ගොස් තිබුණි. වෛද්‍යවරු මවත් දරුවාත් දෙදෙනාම රැකගැනිමට වෙහෙස ගත්තද අවසානයේ දරුවා දමා මව දෑස් පියාගෙනය¡ හැම මොහොතකම මගේ හීනවලට පනදූන් ඇය ඈ වාගේම ලස්සන සිගිති දූ පැටියෙක් මට තනියට තබා ඈ සුරලොව ගොස්ය¡ මගේ පැතුම ඉටු කරමින් ඇය ඇගේ ගමන තනියම ගිහින්ය¡ නමුදූ මට ඇය නැති ජීවිතයෙන් පලක් නැති බව ඇයට අමතක වන්නට ඇත¡ මොනවා ලැබුනද මගේ ජීවිතයට ඇය නැතිව ඒ කිසිවකින් මට වැඩක් නැති බව ඇයට කියා ගන්නට බැරිවූ කමට මා දූක් විදිමි¡
—සුමුදූ සුදූ සේල දවටා
සිහින් සරයට හිනැහෙනා
සියක් කුසුමන් මැද දිලිසෙනා
සිහින දෙව්දූව ඔබ මගේ….
සහසක් ලොව තුළ
සතර දිගන්තයේ පීරා සෙවුවද
සියුමැලි මගෙ කොද කැකුළිය
සොයා ගන්න මට බෑ ආයෙත්….
සවන් තුළට කොදූරා
සිනහ වතින් මුව පුරවා
සෙවුවන්දියෙ මගෙ කියන්නකෝ
සසර මගේ හැමදාමත්
සදහට ඔබ මා තකිකර නොයනා බව….
අවසානයි…

ඉරි තැලිච්ච මහ පොළවට
ඔරවන්නේ හිරු දෙවිදුන්
හේන් කුඹුරු පිච්චෙනවා
හනික එන්න වැහි දෙවිදුනි….
පුංචි දූගේ පාලු කණට
අලුත් අරුංගලය ගන්න
පාලු නොකර මේ කන්නෙත්
හනික එන්න වැහි දෙවිදුනි….
පඩුරු පාක්කුඩම් බැන්දා
ඔඛේ නමට දවස ගානෙ
බිරිද දැකපු හීන නොමකා
හනික එන්න වැහි දෙවිදුනි….
දවස් ගනන් ගත වෙහෙසා
මා හෙලාපු දුක් කන්දට
හිනා නොවී හැකි විගසින්
හනික එන්න වැහි දෙවිදුනි….
ගරා වැටුනු මතකය මත්තේ
මා අත්වැල අල්ලා ඔබ ආවේ
ලෙංගතුකම් නැති හිත් අතරේ
ඔබ නිහඩව මා හා උන්නේ
මට මාවත් අමතක වී
කළ කී දේ මා නොදනී
හිනා අහුරවී ඔබ
මා අහසේ පෑයූවේ
අහම්බයෙන් හමු වූ අපි
මේ ජීවිත ගමනේ
පුරා හදක්වී ඔබ නැගුනේ
මගේ ලොවේ
අදුරක්වී නොයන්න දුර
එහෙම වුනොත් කදුළු පිරේ
හැමදාමත් මගේ නෙතේ
ඔබට සොදුරු හීන ඇතේ
නුඹට සෙනෙහෙ සිතක් ඇතේ
ඔඛෙ ලස්සන ඔය ජීවිත ගමනේ
කුඩා තිතක් වනු ඇත මා
එනමුත් මා පි්‍රය පෙම්වත
ඉදහිට හෝ මතක් වෙන්න
මා ගැන මතකය ඔබහට
අළුත් ලොවට ඔබ යනදා
මතක ඇතිව අරන් යන්න
කිසි කෙනෙකුට නොපෙනෙන්නට
ඔය හිත පතුලේ තියා ගන්න
මගෙ සෙනෙහේ,,,,,,,,
—දැන් මොනා කරන්නද විකසිත¡¡¡¡උඹ හිත හදා ගන්න බලපන්¡¡¡ඒ සකුණි වෙනුවෙන් අර දරුවා වෙනුවෙන්¡¡¡¡¡˜
—උඹට තේරෙන්නෑ සුරාජ්¡¡¡ඒකි මං වෙනුවෙන් මොන තරම් දේවල් නැති කර ගත්තද¡¡¡¡?එයාගෙ අම්මා තාත්තා,නෑදෑයො එපා කියලා ආවෙ මාත් එකක්¡¡¡¡¡මං හින්දා මොන තරම් දේවල් දරා ගත්තද? ඒ ඔක්කොම අයින් කළත් මට කොයිතරම් ආදරේ කළාද? ඒ වගේ අය ලෝකෙ හරි අඩුයි සුරාජ්¡¡¡¡¡¡ඒ විදිහට හැම ගෑනිටම ආදරේ කරන්න බෑ¡¡¡¡¡ඒ තියා සකුණි වගේ ගෑණු හැමෝටම හම්බ වෙන්නෙත් නෑ¡¡¡¡¡
—ඒක හරි විකසිත¡¡¡¡ඒත් ලොකු හාමුදුරුවො බණට කිව වගේ අපි හැමෝටම ඔය ගමන යන්න වෙනවනෙ¡¡¡¡ඒක කවදද¡¡? කොයි වෙලාවෙද කියලා අපි කවුරුත් දන්නෙ නැහැනෙ¡¡¡¡ අපිට මරණය වෙනස් කරන්න බැහැ විකසිත¡¡¡¡හිත හදාගන්න බලපන් මචං¡¡¡¡¡දැං යන්¡¡¡¡¡
අකමැත්තෙන් වුවත් මා ඇගේ සොහොන ළගින් නැගිට්ටේය¡ නැවත වරක් කෑ ගසා හඩන්නට සිතුනද මා මිතුරාගේ කර මතට වාරුවී හිස තද කර ගත්තේය¡
—අනේ විකසිත අපෙ අම්මලා කියන කෙනාව මට බදින්න බෑ¡¡¡
—මං දන්නවා සකුණි¡¡¡¡¡ඒත් ඉතිං මටත් කියලා හරි හමන් විදිහෙ රස්සාවක් නැහැනෙ¡¡¡¡
—ඔය ඉතිං මෙයාට පුළුවන්නෙ වෙන කෙල්ලෙක්ව බදින්න¡¡¡¡¡මට තමයි අර බූරුවව බදින්න වෙන්නෙ¡¡¡¡එසේ කියා ඇය නෝක්කාඩු බැල්මෙන් මදෙස බැළීය¡ ඇයව තව ටිකක් කේන්ති ගස්සනවා යැයි සිතා
—ඔව් එතකොට අර සිංදුවක් තියෙන්නෙ…,බිරිද මගේ…නෑ මා ඔබගේ බිරිද නොවේ….ඒ සිංදුවෙ වගේ අම්මලා කියන කොල්ලව බැදලා ඉන්න තියෙන්නෙ…,
—ආස ඇති නේද විකසිත…?එහෙම වුනොත් මම මැරෙනවා…ඔයා නැතුව මට වෙන කවුරු ලැබුනත් වැඩක් නෑ…ඒ මම ඒ තරමටම ඔයාට ආදරය කරන හින්දා…විකසිත…එසේ කියා ඇය ඉකිබිද හඩන්නට පටන් ගත්තේය….
—කෝ ඉතිං විහිළුවක්වත් තේරෙන්නෙ නැහැනෙ…මං බොරුවට එහෙම කිවුවෙ….මේ බලන්න සකුණි…..
—මං වෙන කෙනෙක්ට ඔයාව අයිති වෙන්න දෙන්නෑ සුදු….සමාජෙ ජීවත්වෙන්න ගෑනියෙක්ව ඕන කමට මට කාව උනත් බදින්න පුළුවන්….නමුත් මට ඕන ඔයාව දිනිති….ඔයාගෙ ආදරේ මට ඕන….තේරුණාද….? මං උඹව කාටවත් අයිති වෙන්න දෙන්නෑ සත්තයි….එවිට අර රතුවී තිබුණු ඇස්
ලස්සනට හිනා වෙන්න සැරසුණි.. ඇගේ ආදරය ගැන කියන්නට මා දන්නේ නැත.. එ තරමට ඈ මට ආදරය දුන්නාය…ආදරය ගැන කියා දුන්නාය…ඒ ආදරයෙන් මට ජීවත්වෙන්නටද පුරුදු කළේය.
—එත් විකසිත ඔයාට දැන්ම මාව බදින්න බැහැනෙ…එහෙම වුනොත් ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම බිද වැටෙයි… ඔයාට ඔයා දකින අනාගතය දකින්න බැරිවෙයි…මට එහෙම කරන්න බෑ විකසිත…
—ඔය ඉතිං…දැන් ඔයාමනෙ සුදු කීවෙ මං නැති වුනොත් ඔයා මැරෙනවා කියලා…මං දන්නවා සකුණි අම්මලා කියන ඊදහ ගාව ඔයාගෙ සතුට නෑ… බයවෙන්න එපා කෙල්ලෙ මං වෙන කෙනෙක්ට ඔයාව අයිති කර ගන්න දෙන්නෙ නෑ…ඔයා මගේ…
—අනේ මන්දා විකසිත මං ඔයාට ලෝභකම් කරන තරම දන්නෙ මං විතරයි. ඒ තරමට මං ඔයාට ආදරෙයි. නමුත් මේ හදිස්සියෙ මාව බැන්දොත් ඔයාට ඔයාගෙ අනාගතය නැතිවෙනවා. ඒ හින්දා මට බෑ ඔයාගෙ අනාගතය අදුරු කරන්න..මගේ ආදරේ නිදහසේ තිබුනාවෙ විකසිත…ඒක හරියට කියන්න තේරෙන්නෙ නෑ. එත් මගෙ ආදරය ඔයාව හිර කරලා තියන්න බෑ…මම දන්නෙ එච්චරයි….
සකුණි වූ කලී ආදරයේ ප්‍රතිමූර්තියයි.. කොල්ලෙක්ට ආස හිතෙන ලෙස ඈ ආදරය කරන්නීය…ඇය වගේ ලස්සනට ආදරය කරන ලෝකයේ වෙන කිසිම කෙල්ලෙකු ගැන මා නොදැන හිටියාය…එතරම් අපූරුවට ඈ ආදරය දෙන්නේය.ඒ ආදරයට වශී නොවන ලෝභ නොසිතෙන පිරිමියෙකු හිදියේ නම් එය අවාසනාවක්ය. එහෙම ආදරය දෙන අයෙකුට ජීවිතය මේ තරමට සරදම් කලේ ඇයිදැයි මට තවම හිතා ගන්නට බැරිය. මේ ආත්මයේ ඇය කළ පවක් නැති තරම්ය. එහෙත් දෛවය ඇයට හරස්වී ජීවිතය උදුරා ගත්තේය. නොඑසේනම් මට සිතෙන්නේ ඇය වන් අයගේ ජීවත්වීමේ අයිතිය සොබා දහම විසින් ඉඩ නොදි උදුරා ගන්නා බවය.
මට අද වාගේම මතකය. ඇය මා හා එන්නට සැරසුනේ එක හිතින්ය. ඒ හිතේ තිබුන දුක නම් මට කරදරයක් වදයක් වීමට බැරි යැයි හැගීමය. ඇය මට කරදරයක් නොවන බව කොතරම් ඒත්තු ගැන්වීමට මා හැදුවත් සියළු දේ ඈ ඇගේ පිට පටවා ගත්තේය.
‘විකසිත තව පාරක් හිතන්න…මේ ඔයාගෙ ජීවිතේ…මට බෑ ඔයාගෙ ජීවිතේ විනාශ කරලා දාන්න…ඔන්න ඔහේ මං අම්මලා කියන කෙනාව මැරි කරන්නම්…
‘සුදු…ඔයාව මට කරදරයක් නෙමෙයි…තේරුම් ගන්න…ඒ කෙනාව මැරි කලාම එතන ඔයාගෙ සතුට නෑ නේද සකුණි..? අපි දෙන්නෙක් නෙමෙයි නේද…එක් කෙනෙක් නේද…? එහෙනම් ඇයි ඔහොම හිතන්නෙ…
‘මන් දන්නවා විකසිත ඔයා මට ආදරෙයි…මාත් ඔයාට ආදරෙයි…ඔයාට මං ආදරේ හින්දමයි මට බෑ කිවුවෙ….
‘හරි ඕන එකක් වුනාවෙ…මට දරා ගන්න පුළුවන් ඔයාව මට වැඩි නෑ…
‘හ්ම්….මං එන්නම් විකසිත…. එසේ කියා ඇය මා හා ආවාය. ඇයව මාල හතක් බැද පොරුව මත තියා මගේ කරගන්නට බැරි වුයේ මගේ දුප්පත් කම ඇගේ දෙමාපියන්ට මදි පුංචි කමක් වීමය. සුන්දර මනමාලියෙක් වන ඇගේ හීනය ඈ අත්හැරියේ මා හින්දාය. එදා ඈ කීවේ
‘මනමාලියෙක් වෙන්නම ඕනද විකසිත…මේ ඊට වැඩිය සතුටක් මා ගාව තියෙන්නෙ…
මට නොතේරෙන්නෙත් ඇගේ මේ ඉවසිමය…නොවේනම් මේ තරම් දරා ගන්න ඇයට පුළුවන් වූයේ කෙසේද…? මේ තරමින් පරිත්‍යාග කරන්නට ඇයට ලෝභ නොදැනෙන්නේ ඇයි…? ආදරණීය සුදු…ඔබ මහමෙර වාගේය… නොවේ නම් මහා පොළව සේය. ඒ තරමට නිහඩව නිසොල්මනේ හැම දෙයක්ම දරා ගන්නා අයෙකු මා දැක නැත. ඇගේ ඒ ආදරය මට සදහටම අහිමි විය.
ඉතිං අපි විවාහ විය. හතර වරිගයේ මහ පිරිස් අපිට නොවුනි. රෙජිස්ටාර් ඉදිරිපිට තවත් යහළුවන් කිහිප දෙනෙකු මැද ඈ මගේ කර ගත්තේය. එදා ඒ ඇස් දිලිසුනේ ලොවේ ඇති සියළු සැප ඈ වෙත ළගා වූවා මෙනි.
ඇය සොදුරු විය. රැයක පිපෙන රෑ මනමාලියා මලක් සේ සුන්දර වුන ඇය වත හිමිදිරියේ හිනැහෙන පිච්ච මලක නොකිළිටි නිර්මලත්වය ඈ තුළ තිබුණි.
‘දැන්නම් විකසිත මට දිනන්න දෙයක් නැතුව වගේ…මගේ ආදරය මට ලැබුනා නේද…? අදහන්නත් අමාරුයි විකසිත…
පූසි පැටවක් වාගේ අහිංසකව ඈ මගේ නිරුවත් පපුවට තුරුළු වී සෙනෙහස දුන්නා සේම සෙනෙහස විදගත්තාය. උදේ පාන්දර අවදි වී මට රැකියාවට යාම සදහා අවැසි සියල්ල ඇය අතින් සතුටින් කලේය. ඇය නමට පමණක් සීමා වු බිරිදක් නොවී දෙවුදුවක් වූවාය. හැමදාමත් මා එන පෙරමග ඈ බලා හිදියි. දවස පුරා වූ මහන්සිය ඇය දැකීමෙන් නිවී යයි.
SEE YOU Part 03

සුදුපාට කොඩිවැල් යටින් හය දෙනෙකුගේ කරමතින් සිවුරියන් බිමි කඩක සදහටම සැතපී ඇය නිදා ගත්තාය.නොවෙනමි ඇය යන්නම යන්න ගියාය.මට සදාකාලිකවම ඈ අහිමි විය. ඇය දමා එන්නට බැරි කමින් මා තවම වැලපෙයි.නැවුමි පස් පිඩවල් අතරින් රිංගා මට ඇගේ සුවද දැනෙයි.ඒ කතා කරන හඩ මහිත තුළට ඇසෙන්නා බදුය.කෙසේ ඈ මා තනිකර යන්න ගියාද…මා දන්නේ නැත.එහෙත් මෙම සොහොන් බිමෙහි මට ඇය තනිකර යන්නට නමි බැරිය.යන්තමි තලුවරකදීත් මගේ ළැමදට තුරුල් වෙන ඇයඅද පටන් තනිවම ඉන්නේ කෙසෙුදැයි මට හිතාගන්නට බැරිය…
මිතුරන් කිහිප දෙනෙක්ම මගේ පිටට තටිටු කර…දැන් ඇති යන්…කියන්නා සේ කීවෙිය.නැවත මගේ ඉකිබිදුම අලුත් විය.
…මට සමාව දෙන්න රත්තරං..මං ඔයාට දුක් දුන්නා…ඔයාට මෙහෙම වුනේ මං හින්දා…අනේ සුදු ඔයාගෙ මරණෙට වග කියන්න ඔිනෙ මමයි…මගේ හීනවලට පණ දෙන්න ඔයා ගෙ ජිවිතය උගසට තිබිබා…අන්තිමට සිද්ද වුනේ ඔයාව මට විතරක් නෙමෙයි අපේ දරුවටත් නැතිවුන එකයි…කියන්න සුදු අපේ දරුව අමිමා අහනකොට මං කොහොමද කියන්නෙ ඔයා ඉපදෙනකොට අමිමා නැතිවුනා කියලා… මට කියලා දෙන්න මෙහෙම කැප කිරීමක් ආදරය වෙනුවෙන් කරන්න ඔයා කොහොම පුරුදු වුනාද….?සුදු…මට බෑ තනියම ඉන්න…එන්න සුදු එන්න…
…වරෙන් බං යන්න…උඹෙ දුක නොදැනෙනවා නෙමෙයි…ඒත් දැන් උඹ ඔතන ඉදලා තේරුමක් වෙන්නෙ නැහැනෙ…සකුණි වෙනුවෙන් අර දරුවව බලා ගනින්….මා නැගිටවන්නට හැදු සුරාජ් කීවෙිය.ඔහු කී දෙය ගැන මට නොසිතා ඉන්නට බැරිවිය.නමුදු සකුණිගේ කතාකරන ඇස් දෙක මගේ හිත උඩ මැවි පෙනුනි.ඒ අසරණ දෑසිනු අයදින්නේත් එයම නොවෙිදැයි මට මොහොතකට සිතුණි.මගේ විලාප හඩ පමණක් මුලු පරිසරය පුරා දෝංකාර දී මටම ඇසුණි.ඒ මූසල පරිසරයේ මට ඈ දමා එන්නට බැරිය. දැඩි නිහඩතාවය මැදින් …යං… කියා නැවත සුරාජ් මා අත ගත්තේය.කොතරමි යං…යං…කීවද මිතුරන් මා දමා තනිකර නොගියේය.
…සකුණි හීනෙන්වත් හිතන්න ඇතිද සුරාජ් එයාට මෙහෙම දෙයක් වෙයි කියලා….එහෙම දැනගෙන ඉදියනමි මම කවදාවත් දරුවෙක් හදන්නෙ නෑ….ඒත් සකුණි…අනේ මගෙ අසරණි…
මතුසමිබන්ධයි….
නිල් අහස ඉරාගෙන
සදත් ගිනි ඇවිලිලා
තරු පොකුරු සමගින්ම
කඩා වැටුනි නොහිතාපු විදිහටම…..
හරියට ඒ නුඹ වාගෙමයි…
රෑ කලුවරට සේපාලිකා සුවද මතින්
නුඹෙ සුවද හමා ගලද්දි
දෝතට ගුලි කරගන්න දැගලුවත්
බොල් සිහිනයක්මැයි හැගුනේ
ඇස් ඇරුන විටදියි…
නින්දෙන් දකින හීන
උදේට මැකිලා ගියත්
නුඹයි මායි වටකරලා දැක්ක හීනෙ
බොද නොවන්නට තැත් දැරුවත්
වෙහෙසවි නිම කල සිතුවමට
වැටුනු දිය බිදක් සේ
නුඹත් අපැහැදිලි සිතුවමක් වුනා
මගෙ හිත් අහසට….
බිදී විසිර ගිය මල්පෙති අතරෙ
කෑලි කැඩි ගිය මගෙ හිත් පොඩියේ
සුන්බුන් අතරින් අහුලා ගන්නට
වෙර දැරුවෙමි මං
නටබුන් වූ ඔබගේ මතකය…
කියන්න හිමියනි
ඔබට එපා වූ මාහට
යන්නට නැත කිසි පිළිසරණක්
හිගන්නියක සේ ඔබ පසු පස ආවත්
දන්නෙමි මා එය පළක් නොවන බව….
ගොඩවන්නට පෙර වැසී ගියේ
දොර කවුලු පියන් කුළගෙයි
අමිමෙ නුඹ දන්නවනමි
පැලී මියෙනු ඇත
නුඹෙ දෝනිය
හිමිසද අහිමිව
ජීවන මංපෙත තූළ අසරණ වී අන්දම